Sinhala Wela Waraka 2019 ආශාවක් නිසා 10

එවලෙ ජෝන්ගෙ කට හඬ ශානිට ඇහුනා. කඳුළු පිහදාගත්ත ශානි ”ප්ලීස් ජෝන් මෙතනින් යන්න. ඔයාගෙ නිදහසට කරණා මට අවශ්‍ය නෑ. දැන් මට මගේ පඩුවේ ඉන්න දීල යන්න” කියල කිව්වා. එවලෙ ජෝන් කිව්වා ”ප්ලීස් ශානි පොඩ්ඩක් අහන්න. හෙට ආයිත් අපි දෙන්න කොළඹ යන්න ඕනි.

අනිද්දා අපි ඔෆිස් යන්න ඕනි. අපේ ප්‍රොජෙක්ට් එකේ තව වැඩ ටිකක් ඉතුරු වෙලා තියෙනවනෙ. අපි එකතු වෙලා ඒව ඉක්මනට ඉවර කරන්න තියෙනවා. අනික සුරාජුයි ජානියි එන්නෙ මේ සතියෙම ඉඳලනෙ. ප්ලීස් වෙච්ච දේට මට සමාවෙන්න. දැන් ඒ දේවල් අමතක කරලා එන්න යන්න අපේ රූම් එකට” කියලා. එවලෙ මමයි ශානියි ජානියි තුන් දෙනාම එකිනෙකාගේ මූණු බලාගත්තා.

කේන්තියෙන් ඇස් ලොකු කරල බලපු ශානි ”ජෝන්, මම ඔය ප්‍රොජෙක්ට් එක ඉවර වෙනකන් ආයිත් ඔෆිස් එකට එන්නෙ නෑ. අනික මම හෙට ඔයත් එක්ක යන්නෙත් නෑ. මම ආයි කොළඹ යන්නෙ මේ දෙන්නත් එක්ක. එතකන් මම ඉන්නෙ මේ දෙන්නත් එක්ක මේ රූම් එකේ. මම කියපුවා ඇහුනා නේද? දැන් ඔයාට යන්න පුළුවන්” කියල කිව්වා. එවලෙ ජෝන්ගෙ මූණ රතු වුණා.

ජෝන්ට ශානි කියපු දේට සෑහෙන්න කේන්ති ගියා. එවලෙ ජෝන් කිව්වා ”ආ එහෙමද? ශානි ඔයා දන්නවද මම හෙටම ඔයාගෙ සෙක්‍ෂන් එකේ බොස්ට කියලා ඔයාව රස්සාවෙන් අස්කරල දානවා. ඔයා මම කියන විදියට වැඩ කරේ නැත්තම් ඔයාගෙ ජොබ් එකත් ඉවරයි” කියලා. එවලෙ ජානිට කේන්ති ගියා. ජානි කිව්වා ”මිස්ටර් ජෝන්, ඔයා ශානිගෙ ජොබ් එක නැති කරන්න පුළුවන් නම් ඒක කරන්න. ශානිට ඔය ජොබ් එක නැති වුණාට තව ඕනි තරම් අපේ රටේ ජොබ්ස් තියෙනවා.

ඔයා ඔයාගෙ ප්‍රොජෙක්ට් එක ඉවර කරගෙන ඉක්මනට ලංකාවෙන් යන්න. ඒක ඔයාගෙ ඇඟටත් ගුණයි” කියලා. ”මම ශානිගෙ ජොබ් එක ගැන එයාගෙ බොස් එක්ක කතා කරගන්නම්. ඔයාට පුළුවන් දෙයක් ඔයා කරන්නකො” කියල මමත් ජෝන්ට කිව්වා. ජෝන්ට එවලෙ වෙන කියන්න දෙයක් තිබුණෙ නෑ. ජෝන් එවලෙ හැරිලා යන්න ගියා. ”සුරාජ්, අනේ ඔයාට පුළුවන් නම් මගේ බඩු ටික මේ රූම් එකට ගෙනත් දෙන්න” කියල ශානි එවලෙ මට කිව්වා.

Leave a Reply

error: Content is protected !!