New Sinhala Wela Katha 2019 ආශාවක් නිසා 9

ශානි කාමරෙන් ගියාට පස්සෙ ජානි මගෙන් ඇහුවා ”සුරාජ්, ශානි ගියේ කේන්තියෙන් නේද​” කියල​. මම කිව්වා ”ඔව්, හොඳටම කේන්තියෙන් තමා ගියේ” කියල​. එවලෙ ජානි කිව්වා ”මොනව උනත් අපි දැන් ඉඳන් ටිකක් කල්පනාවෙන් වැඩකරමු. මොකද ශානි තාමත් ඔයාගෙ නීත්‍යානුකූල බිරිඳ​.

අනික අපි හතරදෙනා අතර මේ වෙන දේවල් වෙන කිසිම කෙනෙක් දන්නෙ නැහැ. ඔයාලගෙ දෙමව්පියො එහෙම දැනගත්තොත්, ඒ ගොලන්ගෙ පපුව පැලිල මැරෙයි. ඒවගේම හදිස්සියෙ හරි ශානි එයාගෙ ජීවිතේට මොකක් හරි හානියක් කරගත්තොත් ඒකෙ වැරැද්ද එන්නෙත් ඔයාට​. ජෝන්ට නම් කිසි ප්‍රෂ්ණයක් නෑ.මිනිහා එංගලන්තෙට පැන ගනී. ඔයාට තමයි හැම ප්‍රෂ්ණෙකටම මූණ දෙන්න වෙන්නෙ. ඒක නෙමේ සුරාජ් මම දැක්ක විදියට නම් හනිමූන් කපල් එක ඒ තරම්

සතුටකින් නම් නෙමේ ඉන්නෙ. ඒ දෙන්නා කොළඹින් පිටත් වෙන්න කලින් කොයිතරම් සතුටින් ද හිටියෙ. ඔයාගෙත් හිත රිද්දලා මටත් පේන්නම ශානියි ජෝනුයි කොච්චර ළං වෙලාද හිටියෙ. දෙන්නගෙ ඒ තිබ්බ ජොලිය දැන් නෑනෙ. අනික ඔයයි මායි එකට ඉන්නව දැක්ක කියල ඒ දෙන්නට ප්‍රෂ්ණයක් නෑනෙ. මට නම් හිතාගන්න බෑ සුරාජ්” කියල ජානි කිව්වා.

”මටත් ඇත්තටම පුදුමයි ජානි. අපි දෙන්නව දැක්ක වෙලාවෙ ඉඳලා ශානි විතරක් නෙමෙයි ජෝනුත් පොඩ්ඩක් අප්සෙට් එකෙන් වගේ කියල මට හිතෙනවා. මොකක් නමුත් අපි දෙන්න නොදන්න දෙයක් මේ දෙන්නා අතරෙ වෙනවා. පොඩ්ඩක් කල්පනාවෙන් ඉඳල හොරේ අල්ලගන්න ඕනි” කියල මම කිව්වා. පස්සෙ ජානි කිව්වා ”මොනව උනත් දැන් ඉඳල අපි මේ දෙන්නව ටිකක් මගහැරල ඉමු” කියලා. මමත් ඒ අදහසට එකඟ වුණා.

Job Vacancies In Sri lanka

Leave a Reply

error: Content is protected !!